මෝනාද අනේ මේAI, ML, DL කියන්නේ?🤖

​" AI, ML, DL කියන්නේ එකක්ද? නැත්නම් තුනක්ද? ඕවා තේරුම් ගන්න නම් computer degree එකක්වත් තියෙන්න ඔනේ" කියලා හිතාගෙන ඉන්නවන මෙන්න මේක ඔයාට.😉

​1. AI (Artificial Intelligence)🎯

​මනුස්සයෙක්ට වගේ තනියම හිතලා, තීරණ අරන්, ප්‍රශ්න විසඳලා, විභාගෙට එන ඕන ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුළුවන් මට්ටමට machine එකක් ගේන එක තමා මෙතනදී කරන්නේ.
​සරලවම කිව්වොත් "මට ඕනෑම සබ්ජෙක්ට් එකකින් A එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා" කියන එක.
Ex විදිහටය ඔනේ නම් ChatGPT, Chess ගහන Computer Programs, Siri වගේ ඒවා තමා මේකට එන්නේ.😪

​2. ML (Machine Learning)

​අපි එකපාරටම විභාගෙට ගිහින් උත්තර ලියන්නේ නැහැනේ. AI කියන ලොකු ලෝකේ ඇතුලේ ඉන්න ML කරන්නේ Data පාවිච්චි කරලා ඉගෙනගන්න එක.
​අපි මෙයාට හැමදේම කෝඩ් කරලා උගන්වන්නේ නෑ. මෙයා කරන්නේ Past Papers 10ක් 15ක් අරන් දිගටම පාඩම් කරද්දී, "ආ... මේ පාඩමෙන් තමා හැම පාරම ලොකු ප්‍රශ්න එන්නේ", "මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ලියන්න ඕනේ මෙහෙමයි" කියලා රටා අඳුරගෙන තනියම ඉගෙනගන්න එක.
​සරලවම කිව්වොත් කටපාඩම් කරන්නේ නැතුව , පරණ ප්‍රශ්න පත්‍ර (Data) බලලා අත්දැකීමෙන් ඉගෙනගෙන පේපර් එකට ලෑස්ති වෙන එක.

​මේකට EX කිව්වොත් :Netflix / YouTube වල ඔයා ආස වීඩියෝ Suggest වෙන එක, Uber / PickMe එකෙන් වෙලාවේ හැටියට ගාන වෙනස් කරන එක වගේ ඒවා තමා.

​3. DL (Deep Learning)

​මෙයා ML ඇතුලෙම ඉන්න තවත් ඇඩ්වාන්ස්ම ඩයල් එකක්!
​විභාගෙදී එකපාරටම Past Papers වලවත් නැති, ටියුට් වලවත් නැති, අතිශය සංකීර්ණ Case Study ප්‍රශ්නයක් ආවා කියමු. අන්න ඒ වෙලාවට අපේ මොළේ තියෙන සියලුම "නියුරෝන" එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. Deep Learning කියන්නෙත් අන්න ඒ වගේ Artificial Neural Networks පාවිච්චි කරලා, හිතාගන්න බැරි තරම් සංකීර්ණ ඩේටා (මූණු, වීඩියෝ, කටහඬවල්) ඇනලයිස් කරලා නිවැරදිම තීරණය ගන්න එකට.
​සරලවම කිව්වොත් පාඩම් කරපු දේවල් විතරක් නෙවෙයි, මොළේ උපරිමයෙන්ම පාවිච්චි කරලා කවුරුත් අහපු නැති අලුත්ම ප්‍රශ්නයක් වුණත් සුපිරියටම ගොඩදාන එක.

​EX තමයිSelf-driving Cars (Tesla), Phone එකේ Face Unlock එක.

​💡 දැන් ඉතින් අර ඔක්කොම් ඔළුවේ තියාගන්න ඉන්න බෑනේ, මේක කියවගන්න හරිද. 🥲

▫️​AI කියන්නේ විභාගය සුපිරියටම පාස් වෙන්න තියෙන ලොකුම ඉලක්කය.
▫️​ML කියන්නේ Past Papers වලින් රටාවන් අඳුරගෙන ඉගෙනගන්න ක්‍රමය.
▫️​DL කියන්නේ අමාරුම ප්‍රශ්න විසඳන්න මොළේ පාවිච්චි කරන සුපිරිම තාක්ෂණය.

​දැන් වැඩේ ක්ලියර් නේ? AI, ML, DL කියන්නේ ,අපි හැමදාම පාවිච්චි වචන ටිකක් විතරයි අනේ .🤷‍♂️මෝනාද අනේ මේAI, ML, DL කියන්නේ?🤖

​දැන් වැඩේ ක්ලියර් නේ? AI, ML, DL කියන්නේ ,අපි හැමදාම පාවිච්චි වචන ටිකක් විතරයි අනේ .🤷‍♂️