Phone එකේ Space ඉවරයි කිව්වම, නැත්නම් PC එක Slow වෙනකොට අපිට ඊළඟට මතක් වෙන්නේම මේ Storage ගැනනේ. අපි බලමු ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන Storage වර්ග මොනාද වගේම ඒවලින් තියෙන වාසි මොනවාද කියලා.
1. HDD (Hard Disk Drive)
මේක ටිකක් පරණ technology එකක් වුණාට තාම හරිම ජනප්‍රියයි. හේතුව තමයි අඩු ගාණකට ලොකු Space එකක් ගන්න පුලුවන් එක. හැබැයි මේවා ඇතුලේ Platters තියෙන නිසා SSD වලට වඩා වේගය අඩුයි, ඒ වගේම තමයි බිම වැටුණොත් ඩැමේජ් වෙන්න තියෙන ඉඩත් වැඩියි.
ලොකු Movies, Photos, Movies collection එකක් සාධාරණ ගණකට සේව් කරලා තියාගන්න ඕන අයට නම් මේ HDD එක මරු.
2. SSD (Solid State Drive)
දැන් එන ගොඩක් Laptop වල , PC වල තියෙන්නේ SSD. මේකෙ ඇතුලේ platters නෑ (Chip technology එක යන්නේ). ඒ නිසා HDD එකකට වඩා 4-5 ගුණයකින් විතර වේගවත්! OS එක දාන්න, Games ගහන්න, Video editing කරන්න SSD එකක් තියෙනවා නම් Machine එක පට්ට Fast වෙනවා.
SSD අතරිනුත් උපරිම Speed එකක් දෙන, Microchip වර්ගයේ Storage එකක් තමයි M.2/ NVMe SSD කියන්නේ.
3. Pen Drive / SD Card
අපේ ඩේලි යූස් එකට, නැත්තම් යාළුවෙක්ගෙන් ෆිල්ම් එකක් ඉල්ලගන්න, Phone එකේ Space මදි වුණාම Capacity එක වැඩි කරගන්න, Camera වලට යූස් කරන්නේ මේවා. පොඩියි, ගෙනියන්න ලේසියි, හැබැයි නැතිවෙන්න තියෙන ඉඩත් වැඩියි!😉
4. Cloud Storage
Google Drive, iCloud, OneDrive, Dropbox කියන්නේ මේවාට. අපේ Data තියෙන්නේ අපේ ළඟ තියෙන Device එකක නෙවෙයි, Internet එක හරහා වෙනත් Server එකක. Phone එක නැති වුණත් Mail ID එකයි Password එකයි මතක නම් Data ටික ආයේ ගන්න පුළුවන් එක තමයි තියෙන ලොකුම වාසිය.
දැන් මේ storages වලින් ඔයාට ගැලපෙන්නේ මොකක්ද?
ඔයාට PC/Laptop එක පට්ට Fast කරගන්න ඕන නම් SSD එකකට යන්න.
ගණන් අඩුවට ලොකු Data ප්‍රමාණයක් Store කරන්න ඕන නම් HDD එකක් ගන්න.
Safety එක සහ ඕන තැනක ඉදන් Data access කරන්න ඕන නම් Cloud Storage use කරන්න.
ඔයාට ඔන storage එක මොකක්ද කියල හොයලා බලලා ගන්න දැන් ඉතින් පුලුවන්. 😎

