Computer එකක්, Laptop එකක් ගන්න කඩේකට ගියාම කොළ කෑලිවල ගහලා තියෙන Intel Core i7, Ryzen 5, Clock Speed, Cache Size වගේ වචන දැකලා ඔළුව විකාර වෙනවා නේද?

​ඕක හරියට අලුතෙන් බයික් එකක් ගන්න ගිහින් Engine එක ගැන මුකුත්ම තේරෙන්නේ නැතුව කඩේ එකා කියන එකට ඔළුව වනනවා වගේ වැඩක්. හැබැයි බයවෙන්න එපා! අදින් පස්සේ ඔයාව කවුරුත් අන්දන්න එන්නේ නෑ.

​මොකක්ද මේ CPU කියන්නේ?

​CPU (Central Processing Unit) එක කියන්නේ කොම්පියුටර් එකේ "ප්‍රධාන මොළේ".
​ඔයා Mouse එක Click කරන එකේ ඉදන් , Game එකක් ගහන එක, Movie එකක් බලන එක, Keyboard එකෙන් Text එකක් Type කරන එක වෙනකල් හැම දෙයක්ම Process කරන්නේ මෙයා. කොච්චර ලස්සන RGB Lights තියෙන Casing එකක් තිබ්බත්, Graphics Card එකක් තිබ්බත්, CPU එක චාටර් නම් මුළු Machine එකම Slow වෙනවා.

​CPU වර්ග දෙක.

​ලෝකයේ CPU හදන ප්‍රධාන සමාගම් දෙකයි තියෙන්නේ. මේ දෙන්නා හරියට Samsung සහ Apple වගේ නිතරම ගේම ඉල්ලගන්න දෙන්නෙක්.