Malware කියන්නෙ නිකන් අපේ computer එකට හරි phone එකට හොරෙන් රිංගන අපිට වදයක් වෙන software කෑලි වලට. target එක එක එක ඒවා, සමහර ඒවා අපේ password හොරකම් කරනවා, සමහර ඒවා phone එක slow කරලා පිස්සු වට්ටනවා, තවත් සමහර ඒවා අපේ ෆයිල් ඔක්කොම ලොක් කරලා කප්පම් ඉල්ලනවා.

Malware කියන්නේ එකම එක ජාතියක් නෙමෙයි. එක එක විදිහේ malware තියෙන්වා. 😪

​Ransomware: මුන් කරන්නේ අපේ file ඔක්කොම Encrypt කරලා lock කර දාන එක. ඊටපස්සේ screen message එකක් දානවා "මෙන්න මේ ගාන Bitcoin වලින් දීපන්, නැත්නම් Photo ටික ඉවරයි" කියලා. නිකන් කප්පම් ඉල්ලනවා වගේ වැඩක්! 😓

​Trojan Horse: පුරාණ ට්‍රෝයි නගරයේ ලී අශ්වයා වගේ තමයි. 😅 එළියෙන් බලද්දී මාර ලස්සන Game එකක් හරි Anti-virus එකක් වගේ පෙන්නන්නේ. හැබැයි install කරපු ගමන් ඇතුලෙන් යක්ෂයා එලියට පැනලා backdoor එකක් හදලා සිස්ටම් එක වනසනවා.

​Computer Worms (පණුවෝ 😙): මුන් නිකන් පැතිරෙන වසංගතයක් වගේ. අපි එක Click එකක්වත් දාන්න ඕනේ නෑ, Network එක දිගේ නිකන්ම automatic තව computer වලට බෝවීගෙන බෝවීගෙන යනවා.

​Viruses: සාමාන්‍ය Virus එකක් වැඩ කරන්න නිකන් පරපෝෂිතයෙක් වගේ Host File එකක් (උදාහරණයක් ලෙස EXE file එකක්) ඕනේ. අපි ඒක Open කරපු ගමන් තමයි ක්‍රියාත්මක වෙලා අනිත් ඒවාට බෝ වෙන්නේ.😪

​Spyware & Keyloggers: අපිට හොරෙන්ම machine එකේ අස්සට වෙලා ඉඳගෙන අපි කරන්නේ මොනවද කියලා බලන් ඉන්නවා. Keylogger එකක් නම් අපි keyboard එකෙන් Type කරන හැම අකුරක්ම (Passwords, Credit Card numbers) Record කරලා Hacker ට යවනවා.

​Adware: Screen එක පුරා එක පාරටම "ඔයා $1,000,000 ක් දිනුවා" කියලා Pop-up Ads දාන්න පටන් ගන්නවා. Machine එක slow වෙලා පිස්සු හැදෙන්නේ මෙන්න මුන් නිසා.😒

​Rootkits: Operating System එකේ ලොකුම Powers (Admin permissions) අරගෙන අස්සට රිංග ගන්නවා. Antivirus වලටවත් අහුවෙන්නේ නැති තරම් හොරෙන් හංගිලා ඉන්න මුන් මාරම භයානකයි. 😪