"LED? LCD? OLED? IPS? එක මොනිටර් එකකට ඇයි අප්පා මෙච්චර අකුරු?!"
Computer Shop එකකට ගිහින් Specification sheet එක බලද්දී හරියට Chemistry periodic table එක බැලුවා වගේ නේද? "මොකක්ද අනේ මේ IPS LED LCD කියන්නේ?" කියලා හිතුණා නම්, ඔයාට විතරක් නෙවෙයි - ඕක ලංකාවේ 99% කටම වෙන දෙයක්!🤷♂️
සල්ලි අපරාදේ කරගන්නේ නැතුව, තමන්ගේ වැඩේට හරියටම ගැලපෙන Monitor එක අඳුරගන්න විදිහ කියන්න තමා අද යන්නේ..😎
1. LCD (Liquid Crystal Display)
LCD කියන්නේ මේ හැමෝටම මුලින්ම පාර හදලා දීපු Technology එක.
වැඩේ වෙන්නෙ කොහොමද?LCD screen එක ඇතුලේ "Liquid Crystals" ටිකක් තියෙනවා පිටිපස්සෙන් එන Backlight මේ Liquid Crystals හරහා යවලා තමයි පාට පාට රූප පෙන්නන්නේ.
දැන් නම් LCD විතරක් තනියම එන්නේ නෑ. LCD කියන්නේ Panel එක හැදිලා තියෙන මූලික Technology එක විතරයි.
2. LED (Light Emitting Diode)
ගොඩක් අය හිතන්නේ LCD යි LED යි දෙකක් කියලා. නෑ! LED කියන්නෙත් LCD එකක්ම තමයි.😉
තියෙන වෙනස තමා LCD එකේ පිටිපස්සට එළිය දෙන්න පාවිච්චි කරපු පරණ ලයිට් (CCFL) වෙනුවට පොඩි LED බල්බ් සෙට් එකක් දැම්ම එක.
මේකෙ Power consumption අඩුයි, Screen එක තුනී , Brightness එක වැඩියි . ඔන්න ඔය වගේ වාසි තමා තියෙන්නෙ.
At the end of the day ඔයා කඩෙන් "LED Monitor" එකක් ගද්දී, ඒක ඇත්තටම LED Light පාවිච්චි කරන LCD Monitor එකක්!
3. IPS (In-Plane Switching)
IPS කියන්නේ LED/LCD Monitors වල තියෙන Panel Type එකක්. (තව TN, VA කියලා වර්ග තිබුණට දැනට king තමයි IPS).
ඇයි IPS මෙච්චර Special?
Viewing Angles: ඔයා Monitor එක ඉස්සරහෙන් නැතුව පැත්තකින්, උඩින් හරි යටින් බැලුවත් පාට වෙනස් වෙන්නේ නෑ. යාළුවෝ එක්ක එකතු වෙලා Movie එකක් බලද්දී පැත්තේ ඉන්න එකාට "අඩෝ මට පාට පෙනෙන්නේ නෑ" කියන්න වෙන්නේ නෑ!.🙆♂️
Accurate Colors: Graphic designers, Video editors ලා IPS එකට මැරෙන්න හදන්නේ ඒකේ පාට හරිම Quality නිසා.
Response time එක ටිකක් අඩු එක තමා තියෙන අවුල. (එත් දැනට තියෙන IPS ගේමින් වලටත් මරු).
4. OLED (Organic Light Emitting Diode)
මෙන්න මේක තමයි දැනට Market එකේ තියෙන Top-tier Boss!🤫
මේකෙන් වැඩේ වෙන්නෙ කොහොමද?
මෙකට පිටිපස්සෙන් වෙනම Backlight එකක් ඕනෙම නෑ. OLED Screen එකේ තියෙන හැම Single Pixel එකකටම තනි තනියෙන් එළිය වෙන්න සහ සම්පූර්ණයෙන්ම Off වෙන්න පුළුවන්!
වාසි:
True Black: කළු පාට පෙන්නන්න ඕන වුණාම ඒ Pixel එක OFF ම කරලා දානවා. ඒ නිසා True Black ගන්න පුළුවන් එකම එක OLED
Infinite Contrast & Crazy Colors: පාටවල් කොච්චර ලස්සනද කියනවා නම් ඇස් දෙකට අදහාගන්න බෑ.
Super Fast: Gaming වලට Response Time එක අන්තිම ඉහළයි.🎮
ගණන් වැඩි එකයි . එකම රූපේ ගොඩක් වෙලාව තිබ්බොත් "Burn-in" වෙන්න පොඩි Chance එකක් තියෙන එකයි තමයි තියෙන අවුල.
Final Verdict එක:
සල්ලිත් ඉතුරු කරගෙන හොඳ පාට සහ Performance තියෙන Monitor එකක් ගන්නවා නම් ගිහින් IPS LED Monitor එකක් ගන්න (Most Value for Money).
Budget එක Unlimited නම්, උපරිම Quality එක ඕන නම් කෙලින්ම OLED එකකට යන්න!

