ඔයා ෆෝන් එකක් හෝ කොම්පියුටර් එකක් පාවිච්චි කරද්දී RAM (Random Access Memory) කියන වචනේ ඕන තරම් අහලා ඇතිනේ.
හැබැයි මොකක්ද මේ RAM එකෙන් ඇත්තටම වෙන්නේ? සරලවම කිව්වොත්, RAM එක කියන්නේ ඔයාගේ ඩිවයිස් එකේ තියෙන "කෙටිකාලීන මතකය" (Short-term memory) .
RAM එකෙන් වෙන්නේ මොකක්ද? 🤔
හිතන්න ඔයාගේ පාඩම් කරන මේසය ගැන.
Hard Drive / SSD කියන්නේ ඔයාගේ පොත් අල්මාරිය. ඒකේ ඔක්කොම පොත් (Photos, Videos, Apps) ස්ථිරවම ගබඩා වෙලා තියෙනවා.
RAM කියන්නේ ඔයා ඒ වෙලාවේ වැඩ කරන පාඩම් මේසය.
ඔයා අල්මාරියෙන් පොතක් අරන් මේසය උඩ තියාගෙන තමයි පාඩම් කරන්නේ. මේසය ලොකු වෙන තරමට එක පාර පොත් ගොඩක් දිග ඇරගෙන වැඩ කරන්න පුළුවන් නේ? අන්න ඒ වගේ, RAM එක වැඩි වෙන තරමට එකපාර Apps ගොඩක් Lag වෙන්නේ නැතුව, ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්.
RAM එකේ තියෙන විශේෂ ලක්ෂණ 🌟
- අධික වේගය: Storage එකට වඩා ඉතාම වේගයෙන් දත්ත හුවමාරු කරන්න RAM එකට පුළුවන්.
- නොස්ථිර මතකය (Volatile Memory): ඩිවයිස් එක Off කරපු ගමන් RAM එක ඇතුලේ තියෙන ඔක්කොම දත්ත මකලා අයින් වෙනවා.
ඔයාට ඔන RAM එක select කර ගන්නෙ කොහොමද? 🤷♂️
සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන්න, WhatsApp, YouTube විතරක් බලන කෙනෙක්ට නම් 4GB ප්‍රමාණවත්.
සාමාන්‍ය අධ්‍යාපනික වැඩ, Coding, Multi-tasking සහ සාමාන්‍ය Games වලට 8GB හොඳටම ඇති.
Heavy gaming, Video Editing, Software Development සහ Graphics Design වගේ වැඩ කරන අයට 16 GB ගැලපෙනවා.
4K Video Editing, 3D Animation සහ ඉහළ මට්ටමේ Professional වැඩවල 32GB හෝ ඊට වැඩි ඕනේ වෙන්නේ.
RAM එක මදි වුණොත් මොකද වෙන්නේ? ⚠️
ඔයා එකපාර Apps ගොඩක් Open කරද්දී RAM එක පිරුණොත්, ඩිවයිස් එක Slow වෙන්න, Stuck වෙන්න නැත්නම් Open කරපු Apps එකපාරටම Crash වෙලා Close වෙන්න පටන් ගන්නවා.
ඊළඟ පාර Phone එකක් හෝ Laptop එකක් ගනිද්දී ඔයා කරන වැඩවලට හරියන ප්‍රමාණයේ RAM එකක් තියෙන එකක් තෝරාගන්න මතක තියාගන්න!😉

